අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව විභාගය ඇරඹේ

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව ජූලි 07 වැනි දා යළි කැඳවයි

by Staff writer 19-06-2023 | 5:00 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව අද (19) ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ විය.

පසුගිය වසරේ මැයි 9 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනයට ලක්වුණේ නිට්ටඹුවේදීයි.

ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර, ඩී.ඒ. රුවන් පතිරණ සහ රශ්මි සිංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනෙනු ඇත.

අද නඩුව කැඳ වූ අවස්ථාවේ සැකකරුවන් 37 දෙනෙකුට අධිචෝදනා භාරදී තිබේ.

අදාළ නඩුව ජූලි 07 වැනි දා නැවත කැඳවීමට නියමිත අතර නඩුවට සම්බන්ධ සැකකරුවන් සඳහා ඇප යෝජනා එදිනට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය දැනුම් දී ඇත.