PUCSL සභාපති පුටුවට යෝජනා

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයට ජනපතිගෙන් යෝජනාවක්

by Staff writer 18-06-2023 | 4:15 PM

COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නමක් යෝජනා කර තිබේ.

ජනාධිපති කාර්යාලය පැවසුවේ ,යෝජිත නාමය අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බවයි.

කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අඟහරුවාදා රැස්වීමට නියමිත අතර, එහිදී ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

එම තනතුර සඳහා යෝජිතව ඇත්තේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්.