වැඩබලන මුදල් ඇමතිගෙන් පණිවිඩයක්

ආර්ථිකය බිඳ වට්ටන ප්‍රකාශ කරන්න එපා - ෂෙශාන් සේමසිංහ

by Staff writer 18-06-2023 | 7:16 AM

COLOMBO (News 1st) - ගොඩනැගෙමින් පවතින රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ කිරීම නුසුදුසු බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පැවති උද්ධමනය අඩු කිරීමට, මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව විවිධ උපක්‍රම අනුගමනය කළ බවයි.

එහි බලපැම් හමුවේ පොලී අනුපාත ඉදිරියේදි තවදුරටත් අඩුවනු ඇතැයි,වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.