සීනිගමදී හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක්ට වෙඩි

සීනිගම වෙඩි තැබීමකින් හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක්ට තුවාල

by Staff writer 17-06-2023 | 1:20 PM

COLOMBO (News 1st) - හික්කඩුව, සීනිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මාර්ගය ආසන්නයේ නවතා තිබූ කැබ් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කැබ් රථය පොලීසියට ධාවනය කර ඇති අතර පසුව පොලීසිය මැදිහත් වී ඔහු රෝහල්ගත කර ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.