අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලි බල සැපයීම , ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 17-06-2023 | 9:13 PM

COLOMBO (News 1st) - විදුලි බල සැපයීම , ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසිනි.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධයෙන් වන සියලුම සේවා , ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම , රෝහල්වල  සාත්තු නිවාසවල  බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනිම , රැකවරණය , පෝෂණය කිරීම , ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා , වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අදාළ ආයතනවලින් පසයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින්, එම සේවාවල අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමිනි.