රුසියාව බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි ගැන පුටින් කියයි

රුසියාව බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති බව ජනපති පුටින් තහවුරු කරයි

by Staff writer 17-06-2023 | 8:30 AM

COLOMBO (News 1st) - රුසියාව මේ වනවිටත් බෙලරුසියාවේ උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති බව ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් තහවුරු කර තිබේ.

ඊයේ (16) ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. 

මෙහිදී ඔහු සඳහන් කළේ, රුසියානු භූමියට තර්ජනයක් සිදුවන අවස්ථාවකදී පමණක් එම අවි භාවිත කරන බවයි. 

රුසියාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී යුක්රේන ආක්‍රමණය ආරම්භ කිරීමේ සිට මේ දක්වා බෙලාරුසියාව රුසියාවට සහය පළ කළේ ය. 

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කළේ, රුසියාව යුක්‍රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇති බවට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොමැති බවයි.