යුරියා හා බණ්ඩි පොහොර මිල පහළට

යුරියා හා බණ්ඩි පොහොර මිල පහළට

by Staff writer 17-06-2023 | 7:43 AM

COLOMBO (News 1st) - යුරියා හා බණ්ඩි පොහොර මිල අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 10,000ක් ව පැවති යුරියා කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩුකෙරෙනු ඇති.

ඊට අමතරව, රුපියල් 19,500ක් ව පවතින බන්ඩි පොහොර මිටියක් රුපියල් 15,000ක් දක්වා අඩු කර ගොවීන් වෙත ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

පොහොර ලබා ගැනීම සඳහා නිකුත් කළ වවුචර් පත් මගින් යුරියා, බන්ඩි පොහොර හා කාබනික පොහොර එහි වටිනාකම අනුව ලබාගත හැකි බව සඳහන් වේ.

මේ අතර එම වවුචර් පතෙහි වටිනාකම අනුව පොහොර කොටස්කර කොටස් දෙකක් හෝ තුනක් වශයෙන් ද ගොවීන්ට ලබාගත හැකි බව වැඩිදුරටත් සඳහන් ය.