.webp)
ජනාධිපතිවරයා මෙම සංචාරය තුළදී ලබන 22 සහ 23 යන දෙදින පැරිසියේදී පැවැත්වීමට නියමිත ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවකට එක්වීමට නියමිතයි.
එම සමුළුවේ, ඉහළපෙළේ සාකච්ඡා සභාවක් අමතන්නැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම සමුළුව ලබන 22 හා 23 යන දිනවල පැරීසියේදී පැවැත්වීමට නියමිත බවයි.
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව මෙවර පැවැත්වෙන්නේ '' වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම '' යන තේමාවෙනි.
ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.