පතලක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

පතලක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට... තවත් දෙදෙනෙක් රෝහලේ...

by Staff writer 17-06-2023 | 11:05 AM

COLOMBO (News 1st) - ගොඩකවෙල, මාදම්පේ උතුර ප්‍රදේශයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් අචිනි ප්‍රතිභා මහත්මිය පැවසුවේ, ඊයේ (16) රාත්‍රීයේ සිදු වූ අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති බවයි.

නීති විරෝධීව මෙම පතල කනිමින් සිට ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

අනතුරට ලක්ව ඇත්තේ, ගොඩකවෙල, හොරමුල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවේ, මෙම ප්‍රදේශයේ පතල් කැනීම තහනම් කරමින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබියදී අදාළ පිරිසක නීති විරෝධීව මෙම පතල කැන ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද ඇය සඳහන් කළා ය.