ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචිවීමේ කාලසීමාව අවසන්

ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචිවීමේ කාලසීමාව අවසන්

by Staff writer 17-06-2023 | 11:01 AM

COLOMBO (News 1st) - ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචිවීම සඳහා ලබාදී තිබූ කාල සීමාව ඊයේ (16) දිනයෙන් අවසන් වූ බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඇතැම් දිස්ත්‍රික්කවල එම කටයුතු නිසි පරිදි සිදු නොවූ බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි.

ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා තවත් දින කිහිපයක් ලබාදීමට මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේ ය.