.webp)
ඒ අනුව, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි.
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවීම හේතුවෙන් මෙම පත්කිරීම් සිදු කෙරුණි.
ප්‍රංශ හා බ්‍රිතාන්‍ය නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ලබන 22 සහ 23 යන දෙදින පැරිසියේදී පැවැත්වීමට නියමිත ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවකට එක්වීමට නියමිතයි.