විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 7,500ක් ගුරු සේවයට...

විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 7,500ක් අද සිට ගුරු සේවයට...

by Staff writer 16-06-2023 | 7:02 AM

COLOMBO (News 1st) –  විද්‍යා පිඨ ඩිප්ලෝමාධාරින් 7,500ක් ගුරු සේවයට බඳවා ගැනීම අද(16) සිදු කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ , පත්විම් ලිපි ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි අද පෙරවරුවේ සිදු කෙරෙන බවයි.

එහිදී ජාතික පාසල් හා බස්නාහිර පළාතේ පාසල් සඳහා පත්වීම් ලැබූ විද්‍යා පීඨ උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, මෙම පිරිසෙන් 1700 දෙනෙකු ජාතික පාසල්වලට බඳවා ගන්නා බවයි.

ප්‍රථමික අංශය, සාමාන්‍ය පෙළ විෂයන්ට අදාළ ගුරුවරුන් මෙන්ම ශාරිරික අධ්‍යාපනය වැනි විෂයන්ට අදාළ ගුරුවරුන්ද අද පත්වීම් ලබන පිරිසට අයත් ය.