ඩෙංගු මඩින්න ලෝක සෞඛ්‍ය සංවිධානයත් මැදිහත් වෙයි..

ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අනුග්‍රහය දක්වයි..

by Staff writer 16-06-2023 | 7:20 AM

COLOMBO (News 1st) –  ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළ කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, නේපාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගතාවන් පළ කළ බවයි.

ඒ අනුව ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සිදු කෙරෙන බව ඔහු ප්‍රකශ කළේ ය.
 
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,500කට අධික සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වෙයි. 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67ක තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය අවදානම් මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ ය.