.webp)
COLOMBO (News 1st) – රජයේ දෙපාර්තමේන්තු 2 ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එලෙස ඈවර කර ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.
එම දෙපාර්තමේන්තු දෙක අයත් වන්නේ, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයටයි.
අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ආයතන ඈවර කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.