බියගමදී නාවික හමුදා බස් රථයක් ලොරියක ගැටෙයි

බියගමදී නාවික හමුදා බස් රථයක් ලොරියක ගැටී දෙදෙනෙකු මරුට

by Staff writer 16-06-2023 | 10:31 AM

COLOMBO (News 1st) – බියගම දොම්පේ ගිරිදර මාර්ගයේ මාලිද ප්‍රදේශයේදී නාවික හමුදා බස් රථයක් ලොරියක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. 

පොලිසිය සඳහන් කළේ, ලොරියේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

අද උදෑසන 6. 30 ට පමණ එම අනතුර සිදුව  තිබේ. 

පූගොඩ සිට කොළඹ බලා ධාවනය වූ නාවික හමුදා බස්රථය ත්‍රිරෝද රථයකට ඉස්සර කිරිමට යාමේදි ලොරියේ ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේ ය. 

පොලිසිය සඳහන් කළේ, තුවාල ලැබූ ලොරියේ රියැදුරු රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.