පොලිස් සැරයන්වරයෙකු සේවයෙන් පහ කෙරේ

පාස්කු ප්‍රහාරයට අදාළව රාජකාරී ඉටු නොකළ පොලිස් සැරයන්වරයෙකු සේවයෙන් පහ කෙරේ

by Staff writer 16-06-2023 | 12:10 PM

COLOMBO (News 1st) – පාස්කු ප්‍රහාරයට අදාළව පැවරි තිබූ රාජකාරි ඉටුකිරිම පැහැර හැරීම හේතුවෙන් කටාන පොලිසියේ එවකට රාජකාරියේ යෙදි සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකු සේවයෙන් පහ කර තිබේ. 

පොලිස් මාධ්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2019 වර්ෂයේ අප්‍රේල්  මස පාස්කු ප්‍රහාරය සිදූ වූ අවස්ථාවේ කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදි සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකු ඔහු වෙත පැවරි තිබූ රාජකාරි ඉටුකිරීම පැහැර හැරීම හේතුවෙන් එම නිලධාරියාට විරුද්ධව මුලික විමර්ශනයක් පැවැත් වූ බවයි.

එම මූලක විමර්ශයෙන් අනාවරණ වූ කරුණු අනුව පොලිස් සැරයන්වරයාට එරෙහිව විනය කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා 12 ක් යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කර තිබේ. 

සියලු චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගත් බැවින් නිලධාරියා සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා විසින් තීරණය කරනු ලැබ ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

ඒ අනුව  පොලිස් සැරයන්වරයා ජුනි 14 වන දින සිට සේවයෙන් පහකර තිබේ.