.webp)
එහි ප්‍රධාන ලේකම් ජෝෂ්ෆ් සටාර්ලි මහතා සඳහන් කළේ , මෙය සිසුන්ට අනවශ්‍ය පීඩනයක් ඇති කරන්නක් බවයි.
වැඩපොත් සැකසීමේ අරමුණු මේ තුළින් ඉටු නොවන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළේ ය.
ඔහු සඳහන් කළේ, වැඩපොත්වල ඇති අභ්‍යාස එම පොත්වල නොකරන ලෙස කිසිදු උපදේශයක් ලබා නොදුන් බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බලන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ පිළිබඳව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ඉසෙඩ් තජුඩින් මහතාගෙන්ද නිවුස්ෆස්ට් විමසීමක් කළ අතර, ඔහු ද පැවසුවේ එවැනි උපදෙසක් ලබා නොදුන් බවයි.