.webp)
කැනීම් සම්බන්ධයෙන් නිකුත් කරන බලපත්‍රවලට අදාළව ඉදිරිපත් කරන අභියාචනා මෙන්ම පරිසර බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අභියාචනා රැසක් විභාගයට ගැනීමට නොහැකි වි ඇති අභියාචනා අතරට ඇතුළත් ය.
මේ හේතුවෙන් අදාළ අභියාචනා ඉදිරිපත් කරන පුද්ගලයින් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
මේ සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළේ ය.
ඔහු පැවසුවේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් කෝප් කමිටුවේද අවදානය යොමු වී ඇති බවයි.
ඒ අනුව නීති නිලධාරියෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි කළමනාකාරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.