X-Press Pearl හානිය ගැන විමර්ශන අවසන්..

X-Press Pearl නෞකාවේ හානිය ගැන විමර්ශන අවසන්, නිර්දේශ නිකුත් කිරීම ලබන මාසයේ - මානව හිමිකම් කොමිසම

by Staff writer 15-06-2023 | 4:57 PM

COLOMBO (News 1st) – 2021 වසරේ මෙරට මුහුදු සිමාවවේදී ගිනි ගැනීමකට ලක් වූ X-Press Pearl නෞකාවේ අනතුර හේතුවෙන් සිදුවූ අයිතිවාසිකම් උල්ලංඝණයන් සම්බන්ධ මූලික විමර්ශන අවසන් කර ඇතැයි ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් ඒම කොමිසම සඳහන් කළේ, ඊට අදාළ නිර්දේශ ලබන මාසයේ මුල් සතියේ නිකුත් කරන බවයි.

අදාළ පැමිණිල්ල ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය විසින් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල සියලු පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.