Online ඔස්සේ Passport ලබා ගැනීමේ වැඩපිළිවෙළ ඇරෙඹයි

Online ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ වැඩපිළිවෙළ ජනපති ප්‍රධානත්වයෙන් ඇරෙඹයි..

by Staff writer 15-06-2023 | 4:17 PM

COLOMBO (News 1st) –   මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.

එහි සමාරම්භක උත්සවය පැවැත්වුෙණ්,  හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදීයි.

ඊට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාල් අලස් මහතා පැවසුවේ, ජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි

නව වැඩපිළිවෙළ යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිවේ. 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තවදුරටත් ක්‍රියාත්මකයි.