ක්‍රීඩාලෝලීන්ට සුබ පණිවුඩයක්.. .

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනි විකාශන අයිතිය සිරස TV හිමි කර ගනී..

by Staff writer 15-06-2023 | 3:54 PM

COLOMBO (News 1st) –   2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ  තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය දිනා ගත්තේ ය. 

අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ, ලබන 18 වැනිදා සිට ඇරඹෙන තරග සිරස ටී.වී. හා TV 1 නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බවයි.  

නිල විකාශන අයිතිය දිනා ගැනීම පිළිබඳව දැනුවත් කෙරුණේ කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ අද පැවති මාධ්‍ය හමුවේදීයි.

එය පැවැත්වුණේ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂක, ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කනෝජියා මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මූලිකත්වයෙනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන උපුල් තරංග, තරංග පරණවිතාන සහ  වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායක මහතා, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. 

විකාශන අයිතිය හිමිවීම ගැන දැනුම් දෙනු ලැබුවේ, එම්.ටී.වී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි සුසාර දිනාල් ද සිල්වා මහතා විසිනි.