.webp)

COLOMBO (News 1st) – අද උදෑසන පොල්ගහවෙල , හොඳැල්ල ප්‍රදේශයේදී බස් රථයක ගැටී වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොල්ගහවෙල රත්මල්ගොඩ විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බිගුම් විහග සේනාරත්නයි.
ඔහු තම නිවසේ සිට පාසලට යාමේදී කොළඹ සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී තිබේ.
හොඳැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බිගුම් පවුලේ එකම දරුවායි.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
