පාස්පෝට් එක අද සිට Online ක්‍රමයට

by Hashini De Mel 15-06-2023 | 11:36 AM

COLOMBO (News 1st) - අද (15) සිට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් යොමු කිරීමට හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW. IMMIGRATION. GOV. LK යන වෙබ් අඩවියට පිවිසිමෙන් තොරතුරු ඇතුළත් කර ඒ සඳහා අයැදුම් කළ හැකි බවයි.

මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයැදුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනා ද ? 

පළමු වරට අයැදුම් කරනවා නම් ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය 
විදේශ ගමන් බලපත්‍රයක් දැනටත් අතැතිව එනම් ගමන් බලපත්‍රය කල් ඉකුත් වී ඇති නම් ගුවන් ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ ඡායා පිටපතක්

මාර්ගගත ක්‍රමයට අයැදුම් කළ විදේශ ගමන් බලපත්‍රයක් ලැබෙන්න කොපමණ කාලයක් යනව ද?

කඩිනම් සේවය යටතේ දින තුනකින් සහ සාමාන්‍ය සේවාව යටතේ දින 14කට පසුව එළඹෙන දිනයක

ගමන් බලපත්‍රයක් සඳහා කොපමණ මුදලක් වැය වෙනව ද?

කඩිනම් සේවය යටතේ රු. 15,000 ක් සහ සාමාන්‍ය සේවාව සඳහා රු. 5000 ක මුදලක් 

ඇඟිලි සලකුණු ලබාදීම සිදු වන්නේ කෙසේ ද?

මේ සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අනුබද්ධව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උප කාර්යාල 51 ක් සහ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය කාර්යාල 4 කින් සතියේ වැඩ කරන දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා අවශ්‍ය පහසුකම් සහිතව ස්ථාපිත කර ඇත.

සෑම දෙනාටම මාර්ගගත ක්‍රමයට අයැදුම් කළ හැකි ද?

අවුරුදු 16 වඩා වැඩි අයට අයැදුම් කළ හැකියි.
අවු. 16 වඩා අඩු දරුවන්ට දෙමාපියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 4ට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුයි.

විදේශ ගමන් බලපත්‍රයේ කුමන හෝ වැරැද්දක් තිබ්බොත් එය නිවැරදි කළ හැකි ද?

විදේශ ගමන් බලපත්‍රයේ නමේ හෝ රැකියාව ඇතුළත් කර ගැනීම වැනි ක්‍රමවේද සඳහා මෙම පහසුකම ඔස්සේ සේවාව සපයන්නේ නැත.

ජනතාවට වැඩි විස්තර දැන ගැනීමට දුරකතන අංකයක් සහ වේලාවක් ?

රාජකාරී වේලාවන් තුළ 1962 සහ 0112101500 අංකයට ඇමතිය හැකියි.