.webp)

27 හැවිරිදි හිල්ඩා පසුගිය මාසයේදී මෙලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ, දින 4ක් නොනවත්වා ආහාර පිසීමෙන් පසුවයි.
මීට පෙර 2019 වසරේදී මධ්‍යම ඉන්දියාවේ රීවාහිදී ඉන්දීය සූපවේදිනියක් වන ලතා ටොන්ඩන් විසින් පැය 5ක් නොනවත්වා ආහාර පිසිමින් ගින්ස් වාර්තාව තබා තිබිණ.
ලාගෝස් හි ලෙක්කි හි උඩරට ප්‍රදේශයේ පැවති මෙම අවස්ථාවට GWR නිලධාරීන් නොසිටි නමුත් පසුව ඔවුන් සීසීටීවී කැමරාවලින් පටිගත කර ඇති දර්ශන සමාලෝචනය කළහ.
Guinness World Recordsහි නිලධාරීන් හිල්ඩා නොනවත්වා ආහාර පිසින අවස්ථාව සජීවී නිරීක්ෂණය කර නොමැති බවත් පසුව CCTV කමරාවලින් පටිගත කර ඇති දර්ශන නිරීක්ෂණය කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.
ගිනස් වාර්තාව තැබීමේ මෙම උත්සාහයේදී හිල්ඩා වැඩි වශයෙන් නයිජීරියානු ආහාර පිස ඇති අතර එලෙස පිසින ලද කෑම වර්ග ආරාධිත අමුත්න්නට පිළිගන්වා ඇත.
Guinness World Recordsහි නීතිවලට අනුව ඇයට වරකට එක් සහායකයෙකුට අවසර ලබා දී ඇති අතර ඇගේ විවේක කාලය වැය කළ හැකිව තිබුණේ, වැසිකිළිය භාවිතය හෝ නින්ද සඳහා පමණි.



