ලෝක රුධිර පාරවිලයන දිනය අදයි

ලෝක රුධිර පාරවිලයන දිනය අදයි

by Staff writer 14-06-2023 | 6:19 AM

COLOMBO (News 1st) - ලෝක රුධිර පාරවිලයන දිනය අදට (14) යෙදී තිබේ.

මෙවර එහි තේමාව ''නිරතුරු දන් දෙමු ජිවිත සුරකිමු යන්නයි''. 

රුධිර ඝන පිළිබඳව සොයාගත් කාල් ලැන්ස්ටයිනර් නම් විද්‍යාඥයාගේ උපන්දිනය සිහි කරමින් මෙම දිනය ලොව පුරා සැමරේ.

මෙරට වාර්ශික රුධිර අවශ්‍යතාව ඒකක ලක්ෂ හතරකට ආසන්නයි.

මෙරට රුධිර අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා දෙන්නේ පරිත්‍යාගශීලීන් ය.

මෙරට වාර්ෂික රුධිර අවශ්‍යාතවයෙන් 85% ක් එක්රැස් කරන්නේ ජංගම කඳවුරු හරහායි.

රුධිරය ගබඩා කිරීමේ ශීතකරණ පද්ධතිය පැරණිවීම හේතුවෙන් ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ ය.