රට රැකියා පොරොන්දු වී මුදල් ගරා ගත්ක යුවළක් දැලේ

රට රැකියා පොරොන්දු වී මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට

by Staff writer 14-06-2023 | 12:56 PM

COLOMBO (News 1st) – විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු හා සැකකාරියක් රඹුක්කන බෙලිගොඩ පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ සැකකරුවන් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් අට ලක්ෂ විසිදහසකට අධික මුදලක් වංචා කර ඇති බවයි.

ඔවුන්ට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 46 කි. 

පොලිසිය පවසන්නේ ඔවුන්ගේ වංචාවලට හසුවූ තවත් පුද්ගලයින් සිටී නම්, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙසයි.

27 හැවිරිදි සැකකරු හා සැකකාරිය  අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.