ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 14-06-2023 | 5:39 AM

1. ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගය දකුණු වෙරළෙන් තවදුරටත් ඈත් කරන යෝජනාවක් - 'Sea of Sri Lanka' ශ්‍රී ලංකා මුහුද පිහිටා ඇත්තේ ලොව ප්‍රධාන නාවික ගමනාගමන මාර්ගයක කේන්ද්‍රස්ථානයේයි.

2. තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයෙක් සැකකටයුතු ලෙස මියයයි - තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

3. දික්වැල්ලේ වෙඩි තැබීම ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 4 ක් - දික්වැල්ල වලස්ගල ප්‍රදේශයේ අද සිදු වූ වෙඩි තැබිම සම්බන්ධ විමර්ශන සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇතැයි පොලිසිය පවසයි. 

4. නවීන් දිසානායක සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දෙයි - හිටපු අමාත්‍ය  නවීන් දිසානායක සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 

5. පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව පැන ගිය උරගස්මංහන්දියේ වෙරන්තුකරු අල්ලයි -  උරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පොලීසියේ වෙඩි ප්‍රහාරයට ලක්ව පළාගිය වරෙන්තුකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.