පොලිසියෙන් වෙඩි කා පැනගිය වෙරන්තුකරු අල්ලයි

පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව පැන ගිය උරගස්මංහන්දියේ වෙරන්තුකරු අල්ලයි

by Staff writer 13-06-2023 | 12:13 PM

COLOMBO (News 1st) – ඊයේ (12) දහවල් උරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පොලිසියේ වෙඩි ප්‍රහාරයට ලක්ව පලාගිය වරෙන්තුකරු අද පොලිස් අත්තඩංගුවට පත්ව තිබේ. 

ඒ පාළු නිවසක සැඟව සිටියදී ය.

ඊයේ දහවල් වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලිස් නිලධාරින් කණ්ඩායමක් උරගස්මන්හන්දිය ප්‍රදේශයට ගොස්  තිබිණ. 

එහිදි යතුරුපැදියෙන් පැමිණි වරෙන්තුකරු නවතා පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනිමට උත්සාහා දරා තිබු බව සඳහන් ය.

එම අවස්ථාවේදි පොලිස් නිලධාරින් සමග අදාළ පුද්ගලයා පොර බදා ඇති අතර එය වැළැක්වීමට අසල සිටි පොලිස් සැරයන්වරයා අහසට වෙඩි 02 ක් තබා තිබේ. 

අහසට වෙඩි තැබුවත්  වරෙන්තුකරු මෙල්ල නොවීම හේතුවෙන් ඔහුගේ පාදයට පොලිස් නිලධාරින් වෙඩි තබා ඇතැයි, උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කෙළ් ය.

කෙසේ වෙතත් වරෙන්තුකරු පාදයට වෙඩි වැදී සිටියදී පළාගොස් තිබිණ.