.webp)
අද උදෑසන 10.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා පැය 20ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
එම ප්‍රදේශ වන්නේ, ගොරකපිටිය, සිද්ධමුල්, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම- පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර, හා ඊට අදාළ සියලු අතුරු මාර්ගයි.
පැලැන්වත්ත කාර්යාලයට අයත් කනත්ත පාර, පොම්පාගාරයේ කරනු ලබන හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මේ ජල කප්පාදුවට හේතු වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.