ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි... දිස්ත්‍රික්ක කිහිපයකට නැයයෑම් අනතුරු ඇඟවීම්...

by Staff writer 13-06-2023 | 6:29 AM

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ද ඇති විය හැකි බවයි.

මේ අතර ලැබෙමින් පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉදිරි පැය 24ක කාලයකට රත්නපුර, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, අද රාත්‍රී 8.30 වන තෙක් එම නිවේදනය නිකුත්කර ඇති බවයි.