දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි..

දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි.. පුද්ගලයෙකුට තුවාල

by Staff writer 13-06-2023 | 9:07 AM

COLOMBO (News 1st) – දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. 

පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් යතුරුපැදියක සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස්  ඇත. 

තුවාලකරු මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසී ය.