.webp)
COLOMBO (News 1st) – දික්වැල්ල වලස්ගල ප්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබිම සම්බන්ධ විමර්ශන සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.
වලස්ගල දෙමටපිටිය කුමාරතුංග මාර්ගයේදී වෙඩි තැබිමකින් පුද්ගලයෙකු අද පෙරවරුවේ බරපතළ තුවාල ලැබී ය.
පොලිසිය පැවසුවේ, අද උදෑසන 7.30 ට පමණ සිය දරුවා පාසලට රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි.
සිය 15 හැවිරිදි දැරිය පාසලට යාමට පියාගේ යතුරුපැදියට ගොඩවනවාත් සමග වෙඩි තැබිම සිදුකර ඇති බව නිවුස්ෆස්ට් වාර්තාකරු සඳහන් කෙළ් ය.
පොලිසිය ප්‍රකාශ කෙළ්, වෙඩි තැබීම සඳහා අදාළ පුද්ගලයින් මෝටර් රථයකින් පැමිණ ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබිමෙන් තුවාල ලැබූ 51 හැවිරිදි වලස්ගල දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කෙළ්, ඔහුගේ පාදයට සහ උදර ප්‍රදේශයට වෙඩි කිහිපයක් වැදි ඇති බවයි.
ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් හිස් පතොරම් කොපු කිහිපයක් මාර්ගයේ වැටි තිබූ බවත් පොලිසිය සඳහන් කෙළ් ය.