.webp)
COLOMBO (News 1st); බ්‍රිතාන්‍ය ආසන්නයේ පිහිටි ඩියේගෝ ගාර්ෂියා දූපතේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක සඳහන් කළේ, මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා නිරන්තයෙන් තොරතුරු සොයා බලමින් සිටින බවයි.
අදාළ ශ්‍රී ලාංකිකයින්ට සිය අභිමතය පරිදි ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සලසා දී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
මාස 20 කට අධික කාලයක් තිස්සේ, ඩියේගෝ ගාර්ෂියා දූපතේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 89 දෙනෙකු දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි බීබීසී ලෝක සේවය ඊයේ ප්‍රකාශ කළේ ය.
2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී අදාළ සංක්‍රමණිකයින් පිරිස රැගත් යාත්‍රාව මුහුදේ අතරමංව සිටියදී බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශය ඩියේගෝ ගාර්ෂියා දූපතට රැගෙන ගොස් තිබිණ.
මේ වන විට ඔවුන් රඳවා සිටින්නේ කොවිඩ් වසංගත කාලසීමාවේදී බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ට නිරෝධායන කටයුතු සඳහා ඉදිකර තිබූ තාවකාලික කූඩාරම්වලයි.
ඔවුන් පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි ද බීබීසී ලෝක සේවය වාර්තා කෙළ් ය.