හම්බන්තොට වරායට ඉන්දිය මගී ප්‍රවාහන නැව් 13ක්

හම්බන්තොට වරායට ඉන්දිය සංචාරක මගී ප්‍රවාහන නෞකා 13ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවෙයි

by Staff writer 12-06-2023 | 12:39 PM

COLOMBO (News 1st) – මේ මාසයේ සිට ලබන සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියානු සංචාරක මගී ප්‍රවාහන නෞකා 13 ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගත වූ බව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියූ මහතා සඳහන් කළේ, සකසුරුවම් කාණ්ඩයේ සංචාරක නෞකාවල සිට ඕනෑම සුඛෝපභෝගී නෞකාවක් දක්වා සියලු පහසුකම් සැපයීමට වරාය මෙහෙයුම් කටයුතු සූදානම් බවයි.

ඒ අනුව ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින්ට,චෙන්නායි සිට හම්බන්තොට දක්වා සංචාරක නෞකා සේවාව ලබා ගත හැකි බව එම නිවේදනයේ සඳහන් ය.

ගිවිසුම්වලට අනූව මගීන් 745 දෙනෙකු රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට පළමුව මෙරටට පැමිණිමට නියමිතයි.

එය මෙරට තවත් ප්‍රධාන නෞකා ගමනාන්ත 3 ක් අතර යාත්‍රා කිරීමට සැලසුම් කර තිබේ. 

ඉන්දියන් සාගරයේ කෘස් නෞකා සඳහා ඉහළම පහසුකම්වලින් සමන්විත වරාය ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය නම් කළ හැකි බව ද, ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කළේ ය .