.webp)
COLOMBO (News 1st) – මෙරට පුද්ගලයින් ලක්ෂ 75 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි අනාවරණය වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණ වී ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ වෙසෙන සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 කට අධිකයි.
ඉන් 33% ක් මේ වන විට දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා ඇතැයි එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ නවතම අධ්‍යයයෙන් පෙන්වා දී තිෙබ්.
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන වැඩිම පිරිස ජීවත් වන්නේ බස්නාහිර,, මධ්‍යම හා ඌව පළාත්වලයි.
ඊට අමතරව නැගෙනහිර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල් විශාල සංඛ්‍යාවක් පවතින බව අදාළ අධ්‍යනයෙන් අනාවරණය වී තිබේ.
මේ අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ මෙරට පවුල් ලක්ෂ 37 ක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇති බව ද අදාළ අධ්‍යනයෙන් හෙළිව ඇති බවයි.
සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 65% ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණ දී සිටී.
ඇතැම් පවුල් දෛනිකව ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති අතර ඉතා අඩු වටිනාකම් සහිත පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීමට පෙළඹී ඇතැයි ද සඳහන් ය.
ආහාර සුරක්ෂිතතා දර්ශකයේ මේ වන විට ශ්‍රී ලංකාව පසු වන්නේ 79 ස්ථානයෙයි.
ආසියානූ පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතරින් ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයේ පසුවේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ, තාවකාලික සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මේ ප්‍රශ්නට පිළිතුරක් නොවන බවයි.