.webp)
ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඇතුලු පිරිසක් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබූ බව මීට පෙර වාර්තා විය.
අද පස්වරු 6 ට පමණ මේ සාකච්ඡාව ආරම්භවී තිබූ අතර පැයකට ආසන්න කාලයක් ජනාධිපති කාර්යාලයේ රැදී සිටි මැති ඇමතිවරුන් පිරිසක් පසුව ඉන් පිටව ගියේ ය.
මේ අතර අද සාකච්ඡාවට දිස්ත්‍රික් නායකයින් සහභාගී නොකිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි, වාර්තා විය.
කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇතත්, මීට පෙර පැවති සාකච්ඡාවලදී දිස්ත්‍රික් නායකයින් කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකර ඇති, පොදුජන පෙරමුණ දැනුම්දී ඇත්තේ එවැනි සාකච්ඡාවක් සඳහා කැඳවන්නේ නම් පක්ෂය ලෙස දැනුවත් කර එය සිදුකළ යුතු බවයි.
එසේ තිබියදී නැවතත් ජනාධිපති කාර්යාලය හරහා දිස්ත්‍රික් නායකයින් අමතා රැස්වීමට කැඳවීම අනුමත කළ නොහැකි බව පොදුජන පෙරමුණේ ස්ථාවරය වී ඇතැයි, අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.