සිම්බාබ්වේ ගිය කණ්ඩායම පැය 3ක් හෝටල් පරිශ්‍රයේ..

සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැය 3ක් හෝටල් පරිශ්‍රයේ..

by Staff writer 11-06-2023 | 8:37 PM

COLOMBO (News 1st) –  සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව තිබේ.

ඒ, නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ය. 

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ක්‍රිකට් කණ්ඩායම නියමිත වේලාවට පෙර හෝටල් පරිශ්‍රයට පැමිණ ඇති බවත්, ඒ වනවිට කාමර පහසුකම් නිසි පරිදි සූදානම් කර නොතිබීමෙන් අපහසුතාවයක් හටගෙන ඇති බවත් ය.