.webp)
අමාත්‍යවරයා සඳහන් කළේ, පළාත් පාලන විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති, රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී එම යෝජනාව ඉදිරිපත් වූ බවයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට සහභාගි වූ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු අදාළ යෝජනාව ඉදිරිපත් කළ බවයි.
ඒ මොහොතේ උපදේශක කාරක සභාවට සහභාගිවී සිටි පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රිවරුන් ඊට සිය එකඟතාව පල කර ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබුණත් දිගින් දිගටම මැතිවරණය කල් යාම තුළ පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වන බවයි.
මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි, මෙහිදී ඉල්ලිම් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශය හෝ ආණ්ඩුව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
එය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් පමණක් බව ද, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.