.webp)
පොලීසිය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රියේ වලහන්දූව සිට නුගදුව දෙසට ගමන් කරන මාර්ගයේ අතුරු මාර්ගයක යතුරු පැදියක් නතර කර සැක කටයුතු ලෙස දෙදෙනෙකු සිට ඇති බවයි.
පොලිස් නිලධාරීන් ඔවුන් අසළට ගොස් සෝදිසි කිරීමට යාමේදී එක් අයෙක් යතුරු පැදියෙන් පළාගොස් ඇත.
එම අවස්ථාවේ අනෙක් පුද්ගලයා පොලිස් නිලධාරීන් දෙසට අත්බෝම්බයක් විසි කිරීමට යාමේදී එක් නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී තුවාල ලැබූ 21 හැවිරිදි සැකකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පොලීසිය සඳහන් කළේ, පළාගිය 18 හැවිරිදි යතුරුපැදිකරු පොලිස් මුර සංචාරයේ නිරත නිලධාරීන් විසින් පසුව අත්අඩංගුවට ගත් බවයි.
අදාළ සිදුවීම වූ ස්ථානයේ තිබී ටී56 උණ්ඩ 105 ක් සහිත පාර්සලයක් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයාගෙන තිබේ.