.webp)
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, අද (10) හා හෙට (11) මෙම වැඩසටහන් ක්‍රියාත්මක බවයි.
පාසල් තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර ජුනි මාසයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 3283 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,687 ක් වන අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 25 කි.
දිස්ත්‍රික්ක 6 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67 ක තවදුරටත් ඩෙංගු අවදානම් තත්ත්වයක් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ කුරුණෑගල එම දිස්ත්‍රික්කවලට ඇතුළත් වේ.