ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

by Staff writer 10-06-2023 | 6:47 AM

COLOMBO (News 1st) - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.

මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ.

එහි නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උපනායකයා කුසල් මෙන්ඩිස් ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් සිම්බාබ්වේ බලා පිටත්ව ගියේ ය.

බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 19 වැනි දා එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවැත්වේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අද සිව්වැනි දිනටත් පැවැත්වේ.

තුන්වැනි දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 123කි.

ඔවුන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 469ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 296ක් රැස් කළේ ය.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ කඩුලු 6ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 296ක් ඉදිරියෙන් සිටිමිනි.