.webp)
ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ, අදාළ කමිටුව මේ වනවිට දෙවතාවක් රැස්වී ඒ සම්බන්ධයෙන් සොයා බැලු බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැත.
මේ අතර ලබන 14 වැනි දා දක්වා පාසල් සිසුන්ට වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ලබන 16 වැනි දා දක්වා පාසල් සිසුන්ට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකියාව පවතින බවයි.
ලබන 12 වැනි දා පාසල් ආරම්භවීම හේතුවෙන් එලෙස වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇත.