තවත් යුරියා නැවක් දිවයිනට...

තවත් යුරියා නැවක් දිවයිනට... තොග බෙදා හැරීම ලබන සඳුදා...

by Staff writer 10-06-2023 | 1:17 PM

COLOMBO (News 1st) - ඕමානයෙන් මිලදී ගත් යූරියා මෙට්‍රික්ටොන් 22,500ක් රැගත් නෞකාවක් අද (10) දිවයිනට සේන්දු විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, එම පොහොර ලබන සඳුදා සිට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදා දෙන බවයි.

මේ අතර තවත් යූරියා මෙට්‍රික්ටොන් 11,250 ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, ඒ අනුව යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බවයි. 

යළ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර තොග මෙරට තුළ ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.