ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 10-06-2023 | 5:54 AM

1. විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් කාන්තාවක් මියයයි - කලවංචිකුඩි ප්‍රදේශයේදී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් අනුභව කිරීමෙන් කාන්තාවක මියගොස් තිබේ. 

2. මුල්ලේරියාවේ දරුවා තණකොළ කපන මැෂිමකට හසුවී තුවාල ලබා මියගොස් ඇති බව හෙළිවෙයි - මුල්ලේරියාව,හල්බරාවේ රජයට අයිති ඉඩමක තිබී අවුරුදු පහ හමාරක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවිය. 

3. නාකොටික් අත්අඩංගුවේ දී සැකකරු මියයාම : නිලධාරීන් 7ක් CID අත්අඩංගුවට - අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

4. සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස් - සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.  

5. 'ටෙලිකොම්' පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිර්දේශ නැහැ - ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා පවසයි.