කංසා වගාවේ නියමු ව්‍යාපෘතියට අවසර හිමිවෙයි ද ?

කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩලයෙන්ද අවසර ගැනීමට කටයුතු කරනවා - දිලුම් අමුණුගම

by Staff writer 10-06-2023 | 6:12 AM

COLOMBO (News 1st) - කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලයෙන් ද අවසර ලබාගැනීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, එම නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

කංසා වගාව සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ දේශීය ආයෝජකයින්ගෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි ඔහු පැවසුවේ ය.