පෙට්‍රල් තොගවල හිඟයක් නෑ - ඇමති කංචන

ඔක්ටේන් 95 ඇතුළු සෙසු පෙට්‍රල් තොගවල හිඟයක් නෑ - ඇමති කංචන

by Staff writer 10-06-2023 | 5:34 PM

COLOMBO (News 1st) - ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සෙසු පෙට්‍රල් තොගවල කිසිදු  හිඟයක් නොමැති බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

පසුගිය දින 10ට අදාළව ඉන්ධනහල් ඇනවුම් සපුරාලීම සාමාන්‍ය පරිදි සිදුවූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා පැවසුවේ, කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධනහල්වලින් , ඉන්ධන ලබාගත හැකි බව එම ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

මේ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිඟයක් මේ වන විට පවතින බව, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයින් පවසයි.