සියලු පාසල් ආශ්‍රිතව අද සහ හෙට මදුරු මර්දන වැඩසටහන්

සියලු පාසල් ආශ්‍රිතව අද සහ හෙට මදුරු මර්දන වැඩසටහන්

සියලු පාසල් ආශ්‍රිතව අද සහ හෙට මදුරු මර්දන වැඩසටහන්

කර්තෘ Staff writer

10 Jun, 2023 | 6:18 am

COLOMBO (News 1st) – ලබන සඳුදා පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, අද (10) හා හෙට (11) මෙම වැඩසටහන් ක්‍රියාත්මක බවයි.

පාසල් තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. 

මේ අතර ජුනි මාසයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 3283 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,687  ක් වන අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 25 කි. 

දිස්ත්‍රික්ක 6 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67 ක තවදුරටත් ඩෙංගු අවදානම් තත්ත්වයක් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ කුරුණෑගල එම දිස්ත්‍රික්කවලට ඇතුළත් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]