මුල්ලේරියාව දරුවා මියයාම : අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව දරුවා මියයාම : අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව දරුවා මියයාම : අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

කර්තෘ Staff writer

10 Jun, 2023 | 5:33 pm

COLOMBO (News 1st) – මුල්ලේරියාව,හල්බරාව ප්‍රදේශයේ මියගොස් සිටියදී සොයාගත් දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු, ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරු අද (10)  අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුවයි.

සැකකරු 51 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේ ය.

අවුරුදු පහ හමාරක් වන අදාළ පිරිමි දරුවාගේ මළ  සිරුර, ඊයේ (09) පස්වරුවේ මුල්ලේරියාව, හල්බරාවේ රජයට අයිති ඉඩමක තිබී හමුවිය.

දරුවා මිය ගොස් සිටියේ උදරයේ බරපතළ කැපුම් තුවාලයක් සහිතවයි.

දරුවාගේ මුත්තනුවන් විසින්, ඔහුව සැකකරුට භාරදී සිටින අතරතුර මෙම මරණය සිදුව ඇත.

ඊයේ පස්වරුවේ අනාවරණය වූයේ , තණකොළ කැපීමට පැමිණි පුද්ගලයාගේ යන්ත්‍රයෙන් දරුවාගේ උදරයේ බරපතල කැපුම් තුවාලය සිදුවී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]