බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කර්තෘ Staff writer

10 Jun, 2023 | 6:55 am

COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ ඔහුගේ අග්‍රාමාත්‍ය තනතුර ද අහිමි කළ 'පාර්ටි ගේට්' අර්බුදය හේතුවෙනි. 

පසුගිය කොවිඩ් සමයේදී ඩවුනින් විදීයේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ නිල නිවසේදී කොවිඩ් නීති උල්ලංඝණය කරමින් සාද පැවැත් වූ බවට හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වුණි. 

ඔහු විසින්ම හඳුන්වා දුන් නීති කඩ කිරීමත් සමග ඔහුට එල්ල වූ විරෝධය හමුවේ පසුගිය වසරේ ජූලි මාසයේදී හිටපු බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

පසුව ඒ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් ද සිදු කෙරුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව නිකුත් කිරීමට නියමිත වාර්තාවකට අනුව බොරිස් ජොන්සන්ට තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පැනවෙනු ඇති බවයි.

ඊට පෙර බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]