.webp)

COLOMBO (News 1st) – අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හංවැල්ල, අඹුල්ගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය සඳහන් කළේ, අක්කරෙයිපත්තුව සිට කොළඹ දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් අද අලුයම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලබූවන් අතර බස් රථයේ හා ලොරියේ රියැදුරන් ද වෙයි.
ඔවුන් හෝමාගම හා නවගමුව රෝහල්වලට ඇතුළත් කර තිබේ.
